ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක් – ඉන්දියාව සහ පාකිස්ථානයත් හෙල්ලෙයි

ඇෆ්ගනිස්තානයේ Jurm, Badakhshan ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.5 ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

පොළවේ සිට කිලෝමීටර 184 ගැඹුරින් හින්දුකුෂ් කලාපයේ මෙම භූ චලනය සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.

කෙසේ වෙතත් මෙම භුචලනයේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ලෙස සටහන්ව ඇති බව සමහර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් සඳහන් කළේය

පකිස්ථානය, ටජිකිස්ථානය, චීනය සහ ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම ප්‍රබල භූමිකම්පාව දැනී ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

භූමිකම්පාවෙන් සිදුවු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා ලැබි නොමැත.

Leave a Reply