ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය කාන්තාවක් සහ දැරියක් සැඩ පහරට බිලි

පොල්පිටිය හිටිගේගම බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැළණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය 60 හැවිරිදි කාන්තාවක් සහ 05 හැවිරිදි දැරියක් සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මිත්තණියක් සහ මිනිපිරියක් බවද පොලිසිය පවසයි.

ලක්ෂපාන පොල්පිටිය ඉහළ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පෙර පාසල් ගොස් සිටි දැරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර ඇළ මාර්ගය තරණය කිරිමට යාමේදි දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. 

කාන්තාවගේ සිරුර ඇළ මාර්ගයට පහලින් තිබි හමු වු බවත්, අතුරුදහන්ව ඇති දැරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Leave a Reply