ඇමරිකාවේ වෙඩි තැබිමකින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසකට තුවාල

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති ආසියානු රටක නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මෙම වෙඩි තැබිමෙන් පසු සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට ආරක්ෂක අංශ බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සදහන් කළේය.

මෙම වෙඩිතැබීම සෙනසුරාදා (21) එරට වේලාවෙන් රාත්‍රි 10.22 ට පමණ සිදුව තිබෙන බවත් මෙම ප්‍රහාරයට හේතුව තවමත් අපැහැදිලි බවත් එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ලොස් ඇන්ජලීස් නුවර වීදිවල ඉරිදා (22) පැවැත්වීමට නියමිතව තිබූ චන්ද්‍ර අලුත් අවුරුදු උත්සව සැමරුම් බලධාරීන් විසින් ආරක්ෂක හේතුන් මත අවලංගු කර ඇත.

Leave a Reply