ආජන්ටිනාවේ ප්‍රබල භූමිකම්පාවක්

ආජන්ටිනාවේ Jujuy ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.5 ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූමිකම්පාව පොළොවේ සිට කිලෝමීටර් 200ක ගැඹුරින් සිදුව තිබෙන බව ද එම ආයතනය පවසයි.

ආර්ජන්ටිනාව, බොලිවියාව සහ චිලීයේ යන රටවල්වලට මෙම කම්පනය දැනී ඇති අතර භූමිකම්පාව හේතුවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා ලැබී නොමැත

භූමිකම්පාව සිදුවූ අපකේන්ද්‍රය ආසන්නයේ යටිතල පහසුකම් වලට හානි සිදුවන්නට ඇති බවද වාර්තාවේ.

Leave a Reply