අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු STF වෙඩි පහරින් මරුට

ඉකුත් (12) දා අහුන්ගල්ල සංචාරක හෝටලයක් අසල දී ත්‍රිරෝද රථ රියැදුරකුට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තාවේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (13) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය සොයාගැනීමට රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙසට වෙඩි තබා තිබෙන බවත් එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් එල්ල කර වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

පෙර පුවත සඳහා 👇

Leave a Reply