අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම්වලින් සෙබළුන් 49 මරුට

අසර්බයිජානයට එරෙහිව පැවති දේශසීමා ගැටුම්වලදී සිය හමුදා සාමාජිකයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ආර්මේනියාව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය .

මෙම ගැටුම්වලින් තවත් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ වන විට අසර්බයිජානය එල්ල කළ ප්‍රහාර යාම්තාක් දුරකට සීමාවී ඇති බව ආර්මේනියා අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය

නාගෝර්නෝ – කරබාක්හ් (Nagorno-Karabakh) කලාපයේදී ආර්මේනියානු සහ අසර්බයිජාන හමුදා අතර මෙම ගැටුම් හටගෙන තිබුණි. එහිදී කාලතුවක්කු සහ ෂෙල් ප්‍රහාර එල්ලකර ඇති අතර අසර්බයිජානය තම භූමිය අත්පත් කරගැනීමට සිදුකරන මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාකලාපයට එරෙහිව නැඟීසිටින ලෙස සියලු ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ආර්මේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසයි.

Leave a Reply