අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට ගුරු විභාගය විවෘතයි

රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු ඕනෑම උපාධිධාරියකුට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා පවතින අධික ගුරු පුරප්පාඩු පිරවීම සඳහා මෙම පියවර ගනු ලබන බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා මෙම ගුරුවරුන් බඳවාගනු ලබන බවද උසස් පෙළ ගුරු පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව සෙසු පන්ති සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply