අලියා සහ දුරකථනය ගාල්ලට ඇප බදි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (15) පෙරවරුවේ සිදුකරනු ලැබිය.

එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහා නගර සභාව ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි.

මෙම අවස්ථාවට බලයලත් නියෝජිතයන් මෙන්ම පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ

මේ අතර සමගි ජන බලවේගය පක්ෂය ද ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ට ම තරඟ වැදීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. ඒ සඳහා බලයලත් නියෝජිතයන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.

මෙය අතර ඉකුත් සතියේ ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබීය

Leave a Reply