අලව්වේ මාරක රිය අනතුරක් දෙකක් මරුට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේ අද (21) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මවක් සහ 24 හැවිරිදි ඇගේ වැඩිමහල් පුතා බවත් ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථය පැදවූ මියගොස් ඇති කාන්තාවගේ සැමියා සහ තවත් පුත්‍රයෙකු තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලව්ව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply