අරණායක ඛේදවාචකයක්

අරණායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා කපා කොටා මරා දමා ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය ඇත්තේ වයස අවුරුදු දෙකක සහ අවුරුදු හතක දරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇති බවත් ළමයි ඝාතනය කළ බවට සැකකාර 33 හැවිරිදි පියාගේ සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply