අයිස් මත්ද්‍රව්‍යයට එරෙහි නව පනත යටතේ පොලිස් වැටලීම් අද සිට

අද සිට අයිස් මත්ද්‍රව්‍යයට එරෙහි නව නීතිය යටතේ සැකකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගන්නා හෝ ජාවාරමේ නිරත වන පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකි පරිදි සංශෝධනයට ලක් කෙරුණු විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත් කෙටුම්පත මේ වන විට බලාත්මක වේ.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වැනි දා විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වු අතර ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ සහතිකය සටහන් කිරීමත් සමඟ එය බලාත්මක විය.

මත්ද්‍රව්‍ය ගෙන්වීම, ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් කාලීන ව ඇති වන අවශ්‍යතාවයන් මත නීති ශක්තිමත් කිරීම සඳහා මෙම පනත සංශෝධනය කර තිබේ

Leave a Reply