අයිතිකරුවන් බාර නොගත් කෝටි දෙකක ඇපල් දෙහිවල සත්වෝද්‍යානයට 

කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු ඇපල් කිලෝ 24,000ක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දෙහිවල සත්වෝද්‍යානයට අද (10) බාරදී තිබේ

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙම ඇපල් තොගයට ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වන බව වාර්තාවේ.

මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේදී චීනයෙන් මෙරටට ආනයනය කර ඇති අතර කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ කාලයක් තිස්සේ එය රඳවා තබා තිබේ.

ඇපල් කන්ටේනරය ආනයනකරුවන් බාර  නොගැනීම නිසා ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී පර්යන්තයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර  සත්වෝද්‍යානයට බාරදීමට පියවර ගත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Leave a Reply