අයහපත් කාලගුණයෙන් මරණ 4ක් : පවුල් 5200ක් පීඩාවට

දින කිහිපයක් පුරා දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 04ක් වාර්තාවි දිස්ත්‍රික්ක 11ක පවුල් 5,212කට අයත් පුද්ගලයන් 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

.හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවත් මේ අතරින් අවතැන් වූ පවුල් 64කට අයත් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි

නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 117කට අර්ධ හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Leave a Reply