අම්මලා හොරෙන් රට යෑමෙන් කුඩා දරුවෝ අනතුරේ

සිඟිති දරුවන් සිටින මවුවරුන් වංචාකාරී අයුරින් විදේශ රැකියා සඳහා යොමුවීම හේතුවෙන් එම දරුවන් කරදරවලට ලක්වන සිදුවීම් විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා අවසර ලබා නොදෙන බවත්, ඊට ඉහළ වයස් කාණ්ඩවල දරුවන්ගේ භාරකාරිත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ලබාදිය යුතු බවත් එම කාර්යාංශය සඳහන් කළේය.

වයස අවුරුදු 45ට අඩු කාන්තාවක රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතු බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවැසීය.

මේ ආකාරයට වයස අවුරුදු 02ට අඩු දරුවකු සිටින කාන්තාවක නීතිවිරෝධී අයුරින් රැකියාවක් සඳහා විදේශගත වීමෙන් අනතුරුව දරුවාට කරදර කළ පියකු බකමූණ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කළේය.

Leave a Reply