අම්බලන්ගොඩ මනුෂ්‍ය ඝාතනයක්

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අද (26) රාත්‍රියේ බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි

මියගිය අය හා තවත් අයකු මත්පැන් පානය කරමින් සිටියදී මෙම ආරවුල හටගෙන ඇති බවත් ඉන්පසු මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි.

Leave a Reply