අම්බලන්ගොඩ තවත් වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අද (26) අම්බලන්ගොඩ විදුහලක නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව අනාවරණය වන බව පොලිසිය පවසයි.

මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply