අම්බලන්ගොඩදී රුසියානු සංචාරකයාගේ මුදල් උස්සලා

රුසියන් ජාතික සංචාරකයන් දෙදෙනෙකු පැමිණි යතුරු පැදියක තිබී රුපියල් තුන් ලක්ෂ විසි දහසක පමණ මුදලක් සොරකම් කරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි පොලිසිය පවසයි.

හික්කඩුව සංචාරක නිකේතනයක නැවතී සිටින මෙම සංචාරකයන් දෙදෙනා ඊයේ (27) සවස යතුරුපැදියෙන් පැමිණ අම්බලන්ගොඩ මාදම්පාගම පැරට් හංදිය අසල මුහුදු වෙරළට අද්දර යතුරු පැදිය නතර කොට ඔවුන් මුහුදු වෙරළට ගොස් තිබේ.

පසුව පැමිණ නැවත යතුරුපැදියෙන් ඔවුන් හික්කඩුවේ ඔවුන් නැවතී සිටී නිකේතනයට ගොස් යතුරු පැදියේ කැබි හෝල් එක පරික්ෂා කිරීමේදී එහි දමා තිබූ රුපියල් 320,000 ක මුදලක් නොමැති බවට අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් නම් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply