අම්පිටියේ සුමන හිමියන්ට වෙඩි ප්‍රහාරයක්

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.

වෙඩි තැබිමෙන් පස් තුවක්තු කරු පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply