අභිරහස් ලෙස සිය නිවස තුළ මියගොස් සිටි නීතිඥවරියකගේ මළ සිරුරක් හමුවේ

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ සිය නිවස තුළ අභිරහස් ලෙස මියගොස් සිටි තරුණ නීතිඥවරියකගේ මළසිරුරක් පැල්මඩුල්ල පොලිසිය විසින් අද (31) පෙරවරුවේ සොයාගෙන ඇත.

40 හැවිරිදි මෙම නීතිඥවරියගේ සිරුර ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගෙන තිබේ. 

නීතිඥවරියගේ සැමියා ඊයේ (30) රාත්‍රියේ සිට නිවසේ සිට නොමැති බවට වාර්තා වූ බවද පොලීසිය පවසයි.

මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලීසියට දැනුම්දී ඇත.

Leave a Reply