අබුඩාබි හි ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, බානි යාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තාවේ.

ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 2021 වසරේ අබුඩාබියට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියකි.

ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටී.

මෙම ගින්නෙන් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය නිවේදනය කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply