අප්‍රේල් මාසයේදී ඉන්දියාව ලෝක ජනගහනයෙන් අංක එකට

එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාවට අනුව මේ වසරේ අප්‍රේල් මාසය වන විට ඉන්දියාව ලොව වැඩිම ජනගහණය සහිත රට බවට පත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1950 වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන දත්ත සටහන් කිරීම ආරම්භ වූ දිනයේ සිට අඛණ්ඩව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට චීනය පත්වී සිටි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට එහි ජනගහනය බිලියන 1.42කි. ඒ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.41ක් වූ අතර, අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ ජනගහනය බිලියන 1.42 ඉක්මවා යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාව පෙන්වා දී ඇත.

එම දත්ත විශ්ලේෂණයට අනුව ඉන්දියාවේ ජනගහනය මේ දශකය අවසන් වන විට බිලියන 1.5 ඉක්මවා යනු ඇති අතර, එය 2064 දක්වා අඛණ්ඩව ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ.

එමෙන්ම වසර 2068 වන විට එරට ජනගහනය බිලියන 2 ඉක්මවනු ඇතැයි ද එම දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ

Leave a Reply