අප්‍රිකානු මහද්වීපය ලෝක පාපන්දු ප්‍රබලයන් අතරට ගෙන ගිය මොරොක්කෝව

පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබමින් අප්‍රිකානු මහද්වීපයේ පළමුවැනි රට බවට පත්වීමට මොරොක්කෝව අද (10) සමත් විය.

අද පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාලය ගෝල 1 – 0 ලෙස පරාජය කරමින් මොරොක්කොව මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය

මෙම පාපන්දු තරගයේ ජයග්‍රහණයත් සමඟ මොරොක්කෝව ඇතුළු අප්‍රිකානු රටවල දැවැන්ත තීර ඔස්සේ තරඟය නැරඹූ අප්‍රිකානු මහද්වීපයේ වැසියන් ප්‍රීති ඝෝෂා නගන අයුරු සදහන් වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වල හුවමාරු වන අයුරු දක්නට ලැබින.

Leave a Reply