අනුරාධපුර කුට්ටම් පොකුණේ කිඹුල් බියක්

අනුරාධපුරය සුවිශේෂී කලා නිර්මාණයක් වන කුට්ටම් පොකුණ කිඹුලන්ගේ රජ දහනක් වීම හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයන්ට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව තිබේ.

කුට්ටම් පොකුණ ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයේ සිටින කිඹුලන් එකා දෙන්නා නිරතුරු ආහාර සොයා කුට්ටම් පොකුණට පැමිණෙන බව කුට්ටම් පොකුණ අසල වෙළඳාමේ නිරත පිරිස් පවසති.

මෙලෙස පැමිණෙන කිඹුලන් කුට්ටම් පොකුණේ සිටින මත්ස්‍යයන් ආහාරයට ගන්නා බවද එම වෙළඳුන් කියා සිටිති.

කුට්ටම් පොකුණට කිඹුලන් නිරතුරු පැමිණෙන බැවින් කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා පුවරු කිහිපයක් ද පොකුණු දෙකෙහි ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර තිබේ.

එසේ වුවද කිඹුලන්ගෙන් සිදුවිය හැකි අනතුරු පිළිබඳව නොතකා ඇතැමුන් සිය කුඩා දරුවන් සමග පොකුනේ ජලය තිබෙන ස්ථානය අසලටම ගොස් මත්ස්‍යයන්ට පොරි ඇතුළු ආහාර ආදිය ලබා දෙන ආකාරය දැකගත හැක.

පොකුණ නැරඹීමට නැරඹීමට සංචාරකයන්ගේ පැමිණීම අඩු අවස්ථාවන්හිදී කිඹුලන් ගොඩට පැමිණ සිටින බවද වෙළඳුන් පවසයි.

Leave a Reply