අධික සීතල කාලගුණයත් සමග ශ්වසන රෝගවල ඉහළයාමක්

මේ දිනවල පවතින අධික ශීතල සහ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළයාම සමඟ ශ්වසනාබාධවල ඉහළයාමත් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව වෛරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝගී තත්වයන්වල ඉහළ යාමක් දක්නට ලැබේ.

වයස අවුරුදු 2ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සම්බන්ධයෙන් මෙන්ම ගර්භනී මව්වරුන්, දියවැඩියා රෝගීන්, දීර්ඝකාලීනව ස්වසන රෝගවලින් පීඩා විඳින්නන් ආදීන් තම සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මෙම කාලයේ දී සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

සීතල සහ දූවිලි අංශු වැඩි ප්‍රදේශවල දරුවන් නිවසින් බැහැරට ගෙනයාමේදී සිරුරේ උණුසුම රැකෙන පරිදි ඇඳුම් ඇන්දවීම සහ වැඩිහිටියන් මුහුණු ආවරණ පැළඳීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply