අත්තනගල්ල ගමකට දිවියෙකු පනී

අත්තනගල්ල අලවල ඇතාවුදකන්දේ සුසාන භූමියකට කඩා වැදුනු දිවියකු එහි සිටි ගවයන් දෙදෙනකු මරා කා දමා ඇතැයි අත්තනගල්ල පොලිසිය පවසයි.

ඒ අවස්ථාවේ බියට පත් වූ ගවයන්ගේ හිමිකරු අසල ගසකට නැඟ කෑ ගසා ඇති අතර ඒ අවස්ථාවේ කොටියා කැලයට ගිය බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. සුසාන භූමියේ බැඳ සිටි එක් එළ ගවයකු මරාදමා ඇති බව ද අනෙක් මරා කන අයුරු ගවයන්ගේ හිමිකරු දැක ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් ඔහු ඥාතීන්ට දුරකතනයෙන් දැනුම් දී ඔවුන් පැමිණි පසු ගසෙන් බැස ගොස් බලන විට ගවයන් දෙදෙනා මරා එක් ගවයකුගේ බෙල්ල ප්‍රදේශයේ මස් කා දමා තිබූ බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

Leave a Reply