අකුණක් වැදී සැමියා මරුට බිරිඳට තුවාල

ඉහළ සිංහාරගම වැව් පිටියේදි අඹුසැමි යුවලකට අකුණු පහරක් වැදිමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇතැයි ගාලදිවුල්වැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්දිවුල්වැව, රලපනාව ජනපදයේ පදිංචි 45 හැවිරිදි අයෙකි

මියගිය අය සිය බිරිදත් සමග තණ කැවිම සදහා ඉහළ සිංහාරගම වැව් පිටියේ ගැට ගසා සිටි ගවයන් නිවසට රැගෙන යාමට ගොස් සිටි අවස්ථාවේදි ධාරාණිපාත වර්ෂාවත් සමග පතිත වුන අකුණු පහරක් වැදිම නිසා දෙදෙනාම බරපතල පිළිස්සුම් තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් ප්‍රතිකාර ලබමින් සිටි සැමියා මිය ගොස් ඇති අතර බිරිද තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply