අක්මීමනදී සිය බිරිඳ ඝාතනය කර සැමියා සිය දිවි නසාගනී

අක්මිමණ, වලහන්දුව ප්‍රදේශයේ නිවසක් තුල සැමියකු විසින් සිය බිරිඳ ඝාතනය කර ඔහුද සිය දිවි නසාගෙන මිය ගොස් සිටියදි සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව මුළුතැන්ගෙයි දී ඝාතනය කර සැකකරු නිවසේ පිටුපස කාමරයක ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත අද (05) දහවල් මෙම මළසිරුරු සොයාගෙන තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වලහන්දුව පදිංචි 31 හැවිරිදි දෙදරු මවක් වන කාන්තාවක් වන අතර ඝාතනයෙන් පසු සියදිවි නසාගෙන ඇත්තේ 42 හැවිරිදි අයෙකි.

මෙය පවුල් ආරවුලක් මත සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply