අක්මීමනදී දියේ ගිලී පුද්ගලයෙකු මරුට

අක්මීමන කුරුන්ද කන්ද පහළ ප්‍රදේශයේ පිහිටි අමුණක් අසල අද (29) දහවල් දිය නෑමට ගිය මිතුරන් පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ නරාවල පෝද්දල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි

පුද්ගලයන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් දිය නෑමට ජලයට බැස ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත. පසුව ප්‍රදේශවාසීන් හා පොලිස් නිළධාරින් එක්ව අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇත.

මෙම පිරිස දිය නෑමට පෙර අමුණ අසල මත්පැන් පානය කරමින් සිට ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි

හදිසි මරණ පරීක්ෂණය එම ස්ථානයේ සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණ

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply