අක්මිමණ නිවසක් ගින්නකින් විනාශයට

අක්මිමන හියාරේ ප්‍රදේශයේ ගින්නකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.

අද (12) අළුයම මෙම ගින්න හටගෙන ඇති අතර නිවස ගිනි ගන්නා අවස්ථාවේ එහි කිසිවකු සිට නොමැති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණීමට නියමිත අතර ගින්න සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply