ෆෝක් ලිෆ්ට් යන්ත්‍රයට සිරවී පුද්ගලයෙකු මරුට

දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ පිහිටි කර්මාන්තශාලාවක ෆෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිරවීමෙන් එහි රියදුරු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තමා පැදවූ ෆෝක් ලිෆ්ට් යන්ත්‍රයේ වයරයක් පැටලීම හේතුවෙන් එය ඉවත් කිරීමට රියදුරු කටයුතු කරන අවස්ථාවේදී එය ක්‍රියාත්මක වී යන්ත්‍රයේ යකඩ ගේඩරය හා වහලයට හිස සිර වී මොහු බරපතළ තුවාල ලබා තිබෙන අතර පසුව මෙම පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply