කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ නිවසක් අසල අනාරක්ෂිත ළිදකට වැටී සිව් හැවිරිදි පිරිමි ළමයෙකු අද (12) පෙරවරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
දරුවා නිවසේ නොසිටි බැවින් නිවැසියන් විසින් ළමයා පිළිබඳව සොයා බැලීමේ දී නිවසට යාබදව පිහිටි ඉඩම පරීක්ෂා කල අවස්ථාවේ ළමයා පැළද සිටි පාවහන් ළිදේ පාවෙමින් තිබී ඇති අතර පසුව ලිං පතුල පරීක්ෂා කිරීමේදී ළමයාගේ සිරුර හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.