ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කල සැරයන්වරයෙකු අත් අඩංගුවට

දිය නාමින් සිටි පිරිමි ළමයින් දෙදෙනෙකුට ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් පොලිස්සැරයන්වරයෙකු අද (16) අලුයම අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල ඕලුආර පදිංචි සැරයන් වරයෙකි.

සැකකාර සැරයන්වරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවක් ලබමින් සිටින අතර සති අන්ත නිවාඩුවට ගමට පැමිණ සිටියදි ඊයේ සවස වලස්මුල්ල ගල්වල නමැති ස්තානයේ දියනාමින් සිටි පිරිමි ළමයින් දෙදෙනාට ලිංගික අතවර සිදු කල බවට ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත් 16 හැවිරිදි සිසුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

Leave a Reply