රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් 10 දෙනෙකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන පුද්ගලයෙකු රක්වාන පොලිසිය විසින් පෙරේදා (25)
මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එම ළමා නිවාසයේ පාලිකාව ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇති බවත්මේ වන විට මෙම තරුණිය අවුරුදු 20 ක වයසේ පසුවන තැනැත්තියක් බවත් වාර්තාවේ.
ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇගේ සැමියා විසින් මෙම තරුණිය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය පවසයි.
බිරිඳ පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවල මොහු විසින් මෙම දැරියන් 10 දෙනාද බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවද වාර්තාවේ..
එහි පාලිකාවගේ සැමියා විසින් මෙලෙස ලිංගික අපයෝජනයකට ලක් කල යැයි කියන මෙම තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.
පරීක්ෂවලින් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.