හෝමාගම කර්මාන්ත ශාලාවක මහා ගින්නක්

හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක අද (16) රාත්‍රියේ හටගෙන ඇති හදිසි ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන හමුදාව, පොලිසිය සහ යුද හමුදාව එක්ව ක්‍රියාත්මක වෙමින් දැඩි පරිශ්‍රමයක නිරත වන බව එහි සිට ලැබෙන වාර්තා සඳහන් කළේය.

තීන්ත කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවි තිබෙන බව වාර්තාවේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 06 පමණ මේ වන විට කැඳවා ගින්න පාලනය කිරිමට කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.

කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය කටයුතු කර ඇති බවද වාර්තාවේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

UPDATE

හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙස කොළඹ දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

Leave a Reply