දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයක දී පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා අවුරුදු කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් සිය භාරයට ගත් බවයි.
මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි අයෙකි.
කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක අයෙක්.
දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැන යෑමට උත්සාහ කිරීමේ දී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව ලොරි රථයකින් පොලීසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ
ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටිය දී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වී යැයි සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවල දී තවදුරටත් අනාවරණය වී තිබේ
පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.