හොරණ පාළු ඉඩමක අත් බෝම්බ දෙකක්

හොරණ පොකුණුවිට පරණ තැපැල් කන්තෝරුව පාරේ පාලු ඉඩමක නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එම ඉඩමේ ගල් වැටියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් හමුවී ඇති බව හොරණ පොලිසිය පවසයි.

කහ පැහැති ප්ලාස්ටික් කප් එකකට දමා හොඳින් පියනකින් වසා තිබූ මම ජීවත් බෝම්බ දෙක එම ඉඩමේ ගල් වැටියක ඇතුළත සඟවා තිබූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝගයකට අනුව අද (21) දහවල් හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමග පැමිණි කටුකුරුන්ද බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරී කණ්ඩායමක් එම බෝම්බ දෙක පරික්ෂා කිරීමෙන් පසු නිෂ්ක්‍රීය කිරීම සඳහා ඉංගිරිය ගුරුගොඩ ප්‍රදේශයට රැගෙන යන ලදී.

මෙම බෝම්බ දෙක කුමන හේතුවක් මත කවුරුන් විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දැමුවාදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply