හොරකම් කල ලක්ෂ 5ක යතුරු පැදිය රුපියල් 8000ට විකුණු හා මිලදි ගත් සැකකරුවන් රිමාන්ඩ්

කටාන ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා යතුරුපැදියක් සොරකම් කර එය රුපියල් 8000 කට විකුණා හෙරොයින් පැකට් 4 ක් ගත් සැකකරුවෙකු සහ එය මිලට ගත් සැකකරුවෙකු ලබන 14 දක්වා රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කර තිබේ දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදිය මිලට ගෙන හෙරොයින් පැකට් 4 ක් ලබා දුන් සැකකරු ළඟ තිබී තවත් හෙරොයින් මිලිග්‍රෑම් 5800 ක් ද පොලීසිය සොයා ගෙන ඇත.

මෙම සැකකරුවන් දිවුලපිටිය බටේපොල සහ ඉහළගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද පොලිසිය පවසයි.

Leave a Reply