හෙට සිට දිවයිනේ වැස්ස වැඩි වෙයි

හෙට (04) සිට යළිත් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුර පළාත්වල විටින් විට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බවද එහි සදහන්ය

මේ අතර සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply