හිරු නොබසින අධිරාජ්‍යයේ රැජිනගේ සෞඛ්‍ය තත්වය අයහපත්

දෙවැනි එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ බැල්මොරල් මාළිගයේ ඇඳක් මත සිටින බව BBC පුවත් සේවය වාර්තා කළේය..

රැජින රැඳී සිටින බැල්මොරල් මාළිගාව වෙත ඇයගේ දරුවන් ඇතුළු සමීපතම රාජකීයන් සියලු දෙනා පැමිණෙමින් සිටින බව එම වාර්තා සඳහන් කළේ ය.

දෙවැනි එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පුවත ඇසීමෙන් කණසල්ලට පත් බ්‍රිතාන්‍ය වැසියන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වේවා යැයි යාච්ඤා කිරීමට බැල්මොරල් මාළිගය වෙත පැමිණෙන බව BBC සේවය ප්‍රකාශ කළේය.

රැජිනගේ සමීපතම රාජකීයයන් සියලු දෙනා පැමිණීමට නියමිත බැවින් බැල්මොරල් මාළිගයේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply