හියාරේ ජලාශයේ ගිලී පුද්ගලයෙකු අතුරුදහන්

ගාල්ල, අක්මීමන හියාරේ ජලාශයේ ගිලී පුද්ගලයෙකු ඊයේ (05) සවස අතුරුදන් වී ඇතැයි අක්මීමන පොලීසිය පවසයි.

මෙසේ දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ හියාරේ පදිංචි 39 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.

ඊයේ සවස හියාරේ රක්ෂිතය තුල පිහිටි ජලාශයට දිය නෑමට අතුරුදන් වු අය සමග පස් දෙනෙකු ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු දියේ ගිලී ඇත. පසුව එක් අයෙකු බේරාගෙන ඇති බවත් අනෙක් පුද්ගලයා අතුරුදන් ව ඇති බවට අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

ජලාශයේ අතුරුදහන් අයගේ මළ සිරුර සෙවිම සදහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

UPDATE – අද පෙරවරුවේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් ජලාශයේ තිබි අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *