හික්කඩුව මුහුදේ දියවැළකට හසුවි ගසාගෙන ගිය රුසියානුවන් දෙදෙනා බේරාගැනේ

හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගිය රුසියානු ජාතිකයන් දෙදෙනකු ඊයේ (17) රාත්‍රි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරා ගෙන ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇති අතර ඊයේ පස්වරුවේ දියනෑම සදහා හික්කඩුව පනංගොඩ මුහුදු තිරයට පැමිණ ඇත. මුහුදු තිරයේ දියනාමින් සිටියදි දියවැළකට හසුවි මොහුන් දෙදෙනා මිටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇත.

බේරාගත් රුසියානු ජාතික විදේශකයන් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 වැනිවියේ පසුවන බව ද පොලීසිය පවසයි.

Leave a Reply