හික්කඩුව මුහුදේ ගිලුනු විදේශිකයාගේ දිවි බේරාගනි

අද (15) හික්කඩුව වෙරළ තීරයේදී දියේ ගසාගෙන ගිය රුසියානු ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ.

මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි රුසියානු ජාතිකයෙකි.

රුසියානු ජාතිකයා අද හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දිය වැලකට හසුව තිබේ. එහිදී මීටර් 100ක පමණ දුරක් ගසාගෙන ගොස් සිටි විදෙස් ජාතිකයාගේ දිවි බේරාගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත.

පොලිස් නිලධාරීන් සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම විදේශිකයාගේ දිවි බේරාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *