හික්කඩුව මුහුදේ ගිලී විදේශිකයෙකු ජිවිතක්ෂයට

හික්කඩුව නාරිගම මුහුදු තීරයේ අද (17) සවස දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

අද සවස 4.40 පමණ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලී තිබේ. පසුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරියෙකු විසින් ගොඩට ගෙන සුවසැරිය ගිලන් රථයක් මගින් බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි ඔහු විදේශිකයා මියගොස් තිබේ

මෘත දේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Leave a Reply