හික්කඩුවේ සිටි සංචාරකයන්ගේ මුදල් දේපල උස්සලා

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නතරව සිටියදි තමන්ගේ මුදල් සහ දේපල සොරකම් කර ඇති රුසියානු ජාතික සංචාරකයින් තිදෙනෙකු විසින් පැමිණිලි කර ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

තමන් ඉකුත් 11 වනදින සංචාරය සඳහා ලංකාවට පැමිණි බවත් ඊයේ (14) ප්‍රදේශයේ සංචාරය කිරිම සඳහා නවාතැනින් බැහැරව සිටියදි ජනේලයක් කඩා ඇතුලුවි ජංගම දුරකතනයක් සහ රුපියල් 4000ක්ද , මුදල් රුපියල් 30000ක් සහ ඇමරිකන් ඩොලර් 500ක් වටිනා ලැප්ටොප් පරිගණකයක්ද, මුදල් රුපියල් 40000ක් සහ ඇමරිකන් ඩොලර් 100ක්ද සොරකම්කර ඇති බවට ඔවුන් තිදෙනා පැමිණිලි කර ඇත.

සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා හික්කඩුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *