හික්කඩුවේ රුසියානු සංචාරකයෙකුගේ නිවස බිඳ ඩොලර් හොරකම් කරලා

හික්කඩුව වැවල ප්‍රදේශයේ රුසියානු ජාතික සංචාරකයෙකු කුලියට ගෙන නතරව සිටින නිවස බිඳ ඩොලර් 6800ක් සොරකම් කර ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

රුසියානු ජාතිකයා ඊයේ රාත්‍රි නිවස වසා මුහුද වෙරලට ගොස් සිටියදි ජනේලයක් බිඳ ඇතුලු පුද්ගලයෙකු මෙම සොරකම සිදුකර ඇත.

CCTV දර්ශන උපයෝගී කරගෙන සැකකරු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්බ කර ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

Leave a Reply