හික්කඩුවේ ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී එක් අයෙකු මරුට

හික්කඩුව නගරය අසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අද (10) සවස දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ගාල්ල සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි

ත්‍රීරෝද රථය දුම්රිය ගැටෙන අවස්ථාවේ දෙදෙනකු ගමන් කර ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයා දිවි බේරාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *