හයිලෙවල් මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙක් මරුට

හයිලෙවල් මාර්ගයේ කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (28) උදෑසන සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කල පානදුර ගල්තුඩේ පැලවත්ත ලිපිනයේ පදිංචිව සිටි ජගත් චමින්ද කුමාර නැමැති⁣ දෙදරු පියෙකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

අනතුර සිදුකල පෞද්ගලික බස් රථය පාදුක්ක සිට කොළඹ බලා ධාවනය කරමින් සිට ඇති අතර මියගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදියෙන් රාජකාරි ස්ථානයට පැමිනෙමින් සිටි අතරතුර දී මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

මෘත දේහය හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත වේ.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථය සහ එහි රියදුරු හෝමාගම පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරැ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Leave a Reply