හම්බන්තොට අභිරහස් මළ සිරුරක්

හම්බන්තොට පොලිස් වසමේ පරණ බූන්දල මාර්ගයේ වයි හංදිය අසල ප්‍රදේශයේ ගෙල කපා ඝාතනය කරන ලද බවට සැක පුද්ගල මළ සිරුරක් අද (27) සවස සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply