හබරාදූවේ දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් සමග රුසියානුවන් 4ක් අල්ලයි

හබරාදුව පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සමඟ රුසියානු ජාතිකයන් 4 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව, හිටියනගල, තල්පේ  සහ පිටිදූව යන ප්‍රදේශවලදි අත් අඩංගුවට ගත් මෙම සැකකාර විදේශිකයන් අවුරුදු 21, 33 සහ 46 හැවිරිදි වියෙහි පසුවන බව පොලිසිය පවසයි.

හබරාදුව පොලිසිය සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද (04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Leave a Reply