හබරාදුව හෝටලයක සිටි සංචාරකයෙකුගේ ඩොලර් 900ක් උස්සලා

හබරාදුව, තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිටි රුසියානු ජාතිකයෙකුගේ ඩොලර් 900ක් සොරකම් කර ඇති බවට විදේශිකයා අද (02) පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම විදේශිකයා ඉකුත් 23 වන දින ලංකාවට පැමිණ මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බවත් ඊයේ ඇමරිකන් ඩොලර් 4100ක් කාමරයේ සේප්පුවේ තබා ගාල්ල නගරයට ගොස් ඇති බවත් පසුව පැමිණ පරික්ෂා කිරිමේදි ඩොලර් 900ක් සොරකම් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *